Saturday, September 24, 2016

Currencies යනු මොනවාද ?

කවුරුහරි ඔයාගෙන් ඇහුවොත් currencies කියන්නේ මොනවාද කියලා ...ඔයා කියයි currencies කියන්නෙ මුදල් වර්ග වලට කියලා.

ඔව්... ඔයා හරි  සාමාන්‍යයෙන් currencies වශයෙන් සම්මත වෙලා තියෙන්නේ විවිධ මුදල් වර්ග. ඒ කියන්නේ රජය විසින් නිකුත් කරනු ලබන නෝට්ටු කාසි වගේ දේවල්



 ඉතිං , මේ පෝස්ට් එකේදී , මම Currencies ගැන තමයි කතා කරන්න හදන්නේ ...... 
 ඇයි මුදල් ගැන කතා කර කර ඉන්නේ, මුදල් හම්බ කර ගන්න උත්සාහ කරනවා මිසක් කියලා හිතෙයි. 

මම කියලා දෙන්න යන්නේ මුදල් හොයන ක්‍රමයක් තමයි , නිවසේ සිටම කාටවත් යටත් නොවී , නීත්‍යානුකූලව අන්තර්ජාලය මගින් අසීමිතව මුදල් හොයන ක්‍රමයක් ගැන 

එහෙම කිව්වාම දන්න අයනම් දන්නවා මම මොකක් ගැනද කියන්න හදන්නේ කියලා. Currency Trading නොහොත් Forex Trading ගැන හැම දෙයක්ම කියලා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ, කොටින්ම කියනවානම් ජීවිතේට Forex කියන වචනෙවත් අහලා නැති කෙනෙක්ට උනත් Forex මගින් මුදල් හොයන හැටි කියා දෙන්නම්. 

කවුරු හරි කිව්වොත් අද දවස ඇතුලත මම රුපියල් ලක්ෂයක් හෙව්වා කියලා ඔබ පුදුම වෙයි. නමුත් ඔබ Forex  ගැන දන්නවානම් ...අයියෝ ...එච්චරද හෙව්වේ.... කියලයි අහන්නේ. ඒ නිසා ඔබ මේ දේ හරියට ඉගෙන ගන්න මුලින්ම. 

මේ ගැන ඉගෙන ගන්න අමාරුද , මූලික දැනුම ඕනිද ,  නෑ කොහොමටවත්ම නෑ ... Forex Trading කිරීමයි ඉරිදා පොලේ එලවලු විකුණන එකෙයි වැඩි වෙනසක් නෑ කියලා ඔබට ඉදිරියේදී වැටහෙයි. ඒ නිසා මේ දේ ඕනිම කෙනෙක්ට පහසුවෙන්ම කරන්න පුලුවන් හරි දේ හරියටම දැන ගත්තොත්, Forex ගැන ඉගෙන ගන්න එක කොච්චර වටිනවාද කියනවානම්, නිදාගෙන ඉන්නකොටත් සල්ලි හම්බවෙනවා මේකෙන් ඒ නිසා ඉගෙන ගන්න හදන දේ තියෙන වටිනාකමත් හිතේ තියාගෙනම වැඩේට බහිමු .





 Forex Trading එහෙමත් නැත්නම් Currency Trading  හොඳයි,  "Trading" කියන්නේ වෙළඳාම් කරනවා කියන එකනේ .. මොනවද වෙළදාම් කරන්නේ ....   Currencies තමයි වෙළදාම් කරන්නේ. ඒ කිව්වේ සල්ලි විකුණනවාද ?? සල්ලි විකුණලා සල්ලි හොයන්න  ?????  ඒ මොන විකාර කතාවක්ද ??? ඒ හැම දේම හෙමීට පැහැදිලි කර ගමු. ඒකට දාන මුල්ම අඩිතාලම තමයි Currencies ගැන ඉගෙන ගන්න එක.

 අපේ Currency එක මොකක්ද ?   රුපියල් නේ.... නිකම්ම රුපියල් නෙවෙයි  Sri Lankan Rupee කියලයි කියන්න ඕනි. ඒකටත් හේතුවක් තියෙනවා රුපියල් පාවිච්චි කරන්නේ අපි විතරක් නෙවෙයිනේ ඉන්දියාවෙත් පාවිච්චි වෙන්නේ රුපියල් ඒවට කියන්න්නේ Indian Rupee ( ඉන්දියානු රුපියල් )